ඔස්ට්‍රේලියාව ලකුණු 197ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(9) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 103ක්.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 47ක් සහ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 29ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 197ක්.

සිඩ්නිහි පැවැත්වෙන තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.

ඔවුන්ට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී අද දිනයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 244ක් පමණයි.

ෂුබ්මන් ගිල් සහ චෙටස්වර් පුජාරා ලකුණු 50 බැගින් රැස් කළා.

ALSO READ : ජඩේජා සහ පාන්ට් රෝහල් ගත කෙරේ

ඉන්දීය ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම කැපී පෙනුණා.

එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලට විසි කරමින් හනුමා විහාරි දවා ගැනීම සදහා ජොෂ් හේසල්වුඩ් දැක් වූ දක්ෂතාවයයි. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4ක් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 338ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...