Tea Report : මැතිව්ස් හා ධනංජය ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනියි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(16) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 185 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 74 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා සිටියදී දැවී ගියේ තේ පානය සදහා තරගය නතර කිරීමට ඉතා ආසන්නව තිබියදීයි. ඔහුගේ කඩුල්ලෙන් පසුව තේ පානය සදහා තරගය නතර කරනු ලැබුවා.

මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත්. ඔහු දැවී ගියේ අබ්‍රාර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහ්මඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

මැතිව්ස් හා ධනංජය අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 131 (198) ක්.

ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දවා ගැනීමට ද අෆ්රිඩි සමත් වූ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 කට දැවී ගියේ ද අෆ්රිඩිගේ පන්දුවක් හමුවේයි.

දිනේෂ් චන්දිමාල් එක් ලකුණකට දැවී ගියා. ඒ, නසීම් ශාහ් යොමු කළ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...