T20 World Cup : තරග කාලසටහන අද එළියට; ඉන්දු-පාකිස්තාන තරගය පෙබරවාරි 15 කොළඹදී

Date:

ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(25) මුම්බායිහීදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ දී එක් දිනකදී තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාව හා පාකිස්තානය මෙවර ද එකම ඛාණ්ඩයකින් තරග වදිනවා. එම රටවල් දෙක එකිනෙකා මුණ ගැසෙන්නේ පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණය කර ගෙන ඇති තොරුතුරු අනුව මූලික වටයේදී ඉන්දියාවේ අනෙක් ප්‍රතිවාදී රටවල් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය (පෙබරවාරි 7), නැමීබියාව (පෙබරවාරි 12) හා නෙදර්ලන්තයයි (පෙබරවාරි 18).

රටවල් 20 ක් ක්‍රීඩා කරන තරගාවලියේදී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි.

එක් ඛාණ්ඩයකට රටවල් 5 බැගින් ඛාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන අතර, ඒ ඒ ඛාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් 8 සුපිරි 8 වටයට සුදුසුකම් ලබනවා.රටවල් 4 බැගින් ඛාණ්ඩ දෙකක් යටතේ සුපිරි 8 වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් ක්‍රීඩා කරන තරග අහ්මදාබාද්, චෙන්නායි හා කොල්කටාහීදී පැවැත්වීමට නියමිත අතර, අවසන් පූර්ව වටයට ඔවුන් සුදුසුකම් ලැබුවහොත් එම තරගය මුම්බායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනෙක් අවසන් පූර්ව තරගය කොල්කටා හෝ කොළඹදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හෝ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න මත එම ක්‍රීඩාංගනය තීරණය වනු ඇති.

අවසන් මහා තරගය අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිතව ඇතත්, පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් එම තරගය කොළඹදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට ක්‍රීඩා කරන රටවල් –

Afghanistan, Australia, Bangladesh, England, India, South Africa, Sri Lanka United States of America, West Indies, New Zealand, Pakistan, Ireland, Canada, Italy, Netherlands, Namibia, Zimbabwe, Nepal, Oman and UAE

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...