Watch : සිරාජ් Spider කැමරාවට කරපු දේ, වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ගුවහාටිහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද නිමා වුණේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට උරුම කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු කිසිවක් නොදැවී ලකුණු 26 ක් ලබා සිටියා.

ඒ, දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 489 ට පිළිතුරු ලෙස ඉන්දීය පළමු ඉනිම ලකුණු 201 කට සීමා වූ පසුබිමකයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ලකුණු 314 ක් ඉදිරියෙන් පසුවනවා.

මේ අතර, අද දිනයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් සිදු කළ අපූර්ව ක්‍රියාවක් දෙස මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

එනම්, පන්දු රකිමින් සිටින අතරතුර ඔහු විසින් සිය හිස් වැසුම රූපවාහිනී විකාශන සමාගම සවි කර ඇති කැමරාවක් වන Spidercam හි රැදවීමට ගත් ක්‍රියාවයි.

Spidercam කැමරා ක්‍රියාකරු හිස් වැසුම ඉවත් කර ගැනීමේ අරමුණින් සිරාජ් ආසන්නයට කැමරාව රැගෙන යාමට ගත් උත්සාහය කැපී පෙනුණු නමුත්, එම අවස්ථාවේදී සිරාජ් එය ඉවත් නොකර මීළග පන්දුව යොමු වන තුරු බලා සිටි ආකාරයක් දැක ගත හැකි වුණා.

පන්දු යවන්නා විසින් පන්දුව යොමු කිරීමෙන් අනතුරුව සිරාජ් හිස් වැසුම යළි ලබා ගැනීමට පැමිණි අතර, එහිදී කැමරා ක්‍රියාකරු කැමරාව සිරාජ්ගෙන් ඉවතට රැගෙන යාමට තැත් කරන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, සිරාජ් විසින් සිය හිස්වැසුම කෙසේ හෝ යළි ලබා ගැනීමට සමත් වූ අතර, රැස්ව සිටි ප්‍රේක්ෂකයින් ද එම අවස්ථාවේදී ප්‍රීතිඝෝෂා සිදු කරන අයුරු දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...