Watch : රාහුල්ට තරු විසි වූ හාමර්ගේ සුපිරි දග පන්දුව

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ගුවහාටිහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට උරුම කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 549 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27 ක්. ඒ අනුව ඔවුන් ජයග්‍රහනයට තවත් ලකුණු 522 ක් පිටුපසින් පසුවනවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු කිසිවක් නොදැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

ඒ, දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 489 ට පිළිතුරු ලෙස ඉන්දීය පළමු ඉනිම ලකුණු 201 කට සීමා වූ පසුබිමකයි.

මේ අතර, අද දිනයේදී ඉන්දීය දෙවැනි ඉනිමේදී කේ එල් රාහුල් දවා ගැනීම සදහා අති විශිෂ්ඨ පන්දුවක් යොමු කිරීමට සයිමන් හාමර් සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...