T20 World Cup : ටස්කින්, මහ්මුදුල්ලාහ් හා ලිටොන් සමග බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය අද(14) නිවේදනය කෙරුණා.

නජ්මුල් හොසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. උප නායකයා ලෙස නම් කර ඇත්තේ ටස්කින් අහ්මඩ්.

නිමා වූ සිම්බාබ්වේ විස්සයි 20 තරගාවලියේ පස්වැනි තරගයට පෙර ටස්කින් ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහු එළඹෙන සති කිහිපයේ දී එම ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලට මුහුණ දීමට නියමිතයි. ආබාධය හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහි අවසන් තරගය ඔහුට අහිමි වුව ද, තරග 4කදී කඩුලු 8ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුයි.

මෙම ආබාධය නිසා ටස්කින් අහ්මඩ්ට ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ආරම්භ වීමට නියමිත ඇමෙරිකාවට එරෙහි තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය ද අහිමි වන අතර, ඔහු වෙනුවට හසාන් මහ්මුද් සංචිතයට ආදේශ කිරීමට නියමිතයි. මහ්මුද් ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ද නම් කර තිබෙනවා.

සංචිතය සදහා 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා නම් නොකළ අත්දැකීම් බහුල ක්‍රීඩක මහ්මුදුල්ලාහ් නම් කර තිබෙනවා.

2007 වසරේ පැවැති පළමු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සිට මෙතෙක් පැවැති සියලු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද 2024 ලෝක කුසලානය වෙනුවෙන් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෑත කාලයේ දී සුපුරුදු දක්ෂතා අතර නොමැති ලිටොන් දාස් ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

මුස්ටර්ෆිසුර් රහ්මාන්ගේ ප්‍රධානීත්වයෙන් යුත් වේග පන්දු බලඇණියට ශොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහ්මඩ් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ටන්සිම් සකිබ් ද ඇතුළත්.

සංචිතය සදහා විශේෂඥ දග පන්දු යවන්නන් තිදෙනෙකු වන මහෙදි හසාන්, තන්වීර් ඉස්ලාම් හා රිෂාද් හොසේන් ඇතුළත් අතර, අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් දග පන්දු බලඇණියේ ශක්තිය තවදුරටත් ඉහළ නංවනු ඇති.

ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 8 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව Dallas හී දී පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad:

Najmul Hossain Shanto (c), Taskin Ahmed (vc), Litton Das, Soumya Sarkar, Tanzid Hasan, Shakib Al Hasan, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Tanvir Islam, Mahedi Hasan, Rishad Hossain, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan

Traveling reserves: Hasan Mahmud, Afif Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...