ටයිටන්ස් එළියට – KKR පළමු අවසන් තරගයට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු අත්හැර දැමීමට 2022 අයි.පී.එල් ශුරතාවය හා 2023 අනුශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ, තරගාවලියේ 63 වැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීමත් සමගයි.

එම තරගය ඊයේ (13) රාත්‍රී කාලයේ දී අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ ගුජරාට් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය කිසිදු පන්දුවක් නොයවා අත්හැර දැමීමට සිදු වීමත් සමග කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

ඒ අනුව මීට පෙර අවසන් වටයට සුදුසුකම් ලබා සිටි කොල්කටා කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද මෙම ප්‍රතිපලයත් සමග සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහන –

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...