එංගලන්ත ක්‍රීඩකයින් ඉන්දියාව හැර යාම අරඹයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වන විට යළි සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

තවත් ක්‍රීඩකයින් රැසක් මෙම සතියේ දී ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දණහිසක යම් ආබාධයකට ලක්ව සිටින පංජාබ් කිංග්ස් තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් ද මේ වන විට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති අතර, ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

ඉරිදා රාත්‍රියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් පසුව, ලෝක කුසලාන එංගලන්ත සංචිතයට ඇතුළත්ව සිටින විල් ජැක්ස් හා රීස් ටොප්ලි ද එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එළඹෙන බදාදා දිනයේ දී පංජාබ් කිංග්ස් පිලට එරෙහිව තරග වැදීමට නියමිතව ඇතත්, මේ වන විට ජොස් බට්ලර් එම සංචිතයෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, මොයීන් අලී, ජොනී බෙයාර්ස්ටව්, සෑම් කරන් හා පිල් සෝල්ට් යන ක්‍රීඩකයින් ද මෙම සතියේ දී ඉන්දියාව හැර යාමට නියමිතයි.

එංගලන්ත ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින් ලීඩ්ස් හී දී එක් වීමට නියමිතව ඇති අතර, ඔවුන් පාකිස්තානයට එරෙහිව මැයි 22 වැනිදා සිට විස්සයි 20 තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...