ලෝක කුසලානයට සති දෙකකට පෙර ඇමෙරිකාවට යන්නේ ඇයි? වනිදු කරුණු පහදයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට මනා පෙර සූදානමකින් යුතුව මුහුණ දීමේ අරමුණ ඇතිව බව ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පවසනවා.

තරගාවලියේ සම සත්කාරක රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ තණතීරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස දින ගණනාවකට පෙර එරටට පිටත්ව යාම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරට දී වැඩි දින ගණනක් පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තණතීරු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම කණ්ඩායම් කලමනාකාරීත්වයේ අරමුණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(14) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් වනිදු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ ලකුණු සංඛ්‍යාවන් වාර්තා වන නමුත්, එවැනි තත්ත්වයක් ලෝක කුසලාන තරගාවලියේ දී අපේක්ෂා නොකරන බවයි.

Impact Player ක්‍රමවේදය අයි.පී.එල් තරගාවලියේ දී භාවිතා වීම තුළ අමතර පිතිකරුවෙකු කණ්ඩායමකට ක්‍රීඩා කරන බැවින්, එය වැඩි ලකුණු ප්‍රමාණයන් අයි.පී.එල් තරගවලදී වාර්තා වීමට හේතුවක් වී ඇති බව වනිදු පෙන්වා දුන්නා.

තමා නායකයා ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටි කණ්ඩායමම තමන්ට ලැබී ඇති බව ද වනිදු හසරංග මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සදහන් කර සිටියා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමික අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක් හීදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...