නිසල තාරකගේ කඩුලු 6 හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට ඉනිමක ජයක්

Date:

දෙවැනි ඉනිමේ දී නිසල තාරක ලකුණු 42 කට කඩුලු හයක් දවා ගනිමින් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැති සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 26 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තාන A පිල කඩුලු 2 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 211 ක් පමණයි.

Ijaz Ahmad ලකුණු 54 ක් හා Imran ලකණු 53 ක් රැස් කළා. නිසල තාරක දවා ගත් කඩුලු හයට අමතරව නිශාන් පීරිස් කඩුලු දෙකක් ද, වනුජ සහන් හා සොනාල් දිනූෂ එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435 ක් ලබා ගත්තා.

ඒ, සොනාල් දිනූෂ පන්දු 193 කින් ලබා ගත් ලකුණු 145 න් ශක්තිමත් වෙමින්. හතරේ පහර 16 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේ දී Zia-ur-Rehman ලකුණු 127 කට කඩුලු හයක් දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන A පළමු ඉනිම ලකුණු 198 කට සීමා වුණා. Imran ලකුණු 62 ක් ලබා ගත් අතර, Abdul Hadi ලකුණු 45 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වනුජ සහන් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත් අතර, නිශාන් පීරිස් කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...