IPL හා T20 වාර්තා රැසක් බිද වැටෙයි – කාර්තික්ගේ ප්‍රහාරය අපතේ යවමින් හෙඩ්ගේ ශතකය SRH පිලට ජය ගෙනෙයි

Date:

දිනේෂ් කාර්තික්ගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් ට්‍රැවිස් හෙඩ් වාර්තා කළ සුපිරි ශතකය හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර් බැංගලූරු කණ්ඩායම පරදා ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(15) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් කඩුලු තුනක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287 ක්. මෙය විස්සයි 20 ඉතිහාසයේ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.(T20 තරගයක වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ නේපාලයයි. 314/3)

මීට පෙර ​IPL තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද සන්රයිසස් කණ්ඩායමයි. මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් ‌කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

අද තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 262 ක් පමණයි. එය අයි.පී.එල් තරගයක දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ලකුණු සංඛ්‍යාවේ එකතුව 549 ක්. එය විස්සයි 20 ඉතිහාසයේ දී තරගයකදී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ හයේ පහර සංඛ්‍යාවේ එකතුව 38 ක්. එය විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුණා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102 ක්. හයේ පහර 8ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 39 කින්. එය අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා වූ සිව්වැනි වේගවත්ම ශතකය ද වනවා.

හෙන්රික් ක්ලාසන් පන්දු 31 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්. අභිෂේක් ෂර්මා ලකුණු 34(22) ක්, ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 32(17) ක් හා අබ්දුල් සමාද් නොදැවී ලකුණු 37(10) ක් ලබා ගත්තා.

බැංගලූරු පිළිතුරු ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 80ක්. පන්දුවාර 6.2 ක් තුළ ගොඩ නැගුණු එම සම්බන්ධතාවය බිද වැටුණේ විරාත් කෝලි ලකුණු 42(20) කට දැවී යාමත් සමගයි. ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62 ක් වාර්තා කළේ පන්දු 28 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මැද පෙල පිතිකරුවන් කිහිපදෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පසුබිමක පිටියට පිවිසි දිනේෂ් කාර්තික් සිය කණ්ඩායමට යළිත් ජයග්‍රහනය පිළිබද සුළු බලාපොරොත්තුවක් හිමි කර දීමට සමත් වුණේ පන්දු 35 කින් වේගවත් ලකුණු 83 ක් වාර්තා කරමින්. හයේ පහර 7ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 43 කට කඩුලු 3ක් දවා ගනිමින් සන්රයිසස් කණ්ඩායමේ ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...