IPL අතරමැද මැක්ස්වෙල් මානසික හා ශාරීරික විවේකයක් ගනියි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

යළි සිය දක්ෂතා යථාතත්ත්වයට පත් කර ගැනීම සදහා මානසික හා ශාරීරික විවේකයක් තමන්ට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි මැක්ස්වෙල් සදහන් කළේ.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග සදුදා (15) රාත්‍රියේ පැවැති තරගය වෙනුවෙන් තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගන්නා ලෙසට ඔහු විසින් බැංගලූරු කණ්ඩායමේ කලමනාකාරීත්වයට දැනුම් දී තිබූ බව සදහන්.

2024 අයි.පී.එල් තරගාවලියේ දී මේ වන විට ග්ලේන් මැක්ස්වෙල් පිතිකරුවෙකු ලෙස දැඩි ලෙස අසාර්ථක වී ඇත අතර, ඉනිම් හයකදී ඔහු ලබා ගෙන ඇත්තේ ලකුණු 32 ක් පමණයි. ඒ, ඉනිමක සාමාන්‍ය 5.33 ක් ලෙස සටහන් කර ගනිමින්.

ඔහු ඊයේ රාත්‍රියේ පැවැති තරගයට ක්‍රීඩා නොකළේ මීට පෙර පැවැති තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් නිසා බවටයි මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණේ.

කෙසේ වෙතත්, ග්ලේන් මැක්ස්වෙල් විසින් මේ වන විට තහවුරු කර ඇත්තේ තමන් විසින් ශාරීරික හා මානසික විවේකයක් මේ වන විට ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...