Watch : හෙඩ්ගෙන් වේගවත් ශතකයක් – ලකුණු 287 ක් සමග SRH සිය IPL වාර්තාවම යළි බිද දමයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව යළි බිද දැමීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැං‌ගලූරු කණ්ඩායම සමග අද රාත්‍රියේ දී බැංගලූරු හී දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 30 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී බැංගලූරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287 ක්.

මීට පෙර ​IPL තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද සන්රයිසස් කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් ‌කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

ඔවුන් විසින් එම තරගයේ දී බිද දැමුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් 2013 වසරේ දී පූනේ වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 263 ක් ලබා පිහිටුවා තිබූ වාර්තාවයි‍.

අද තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102 ක්. හයේ පහර 8ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 39 කින්.

හෙන්රික් ක්ලාසන් පන්දු 31 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්. අභිෂේක් ෂර්මා ලකුණු 34(22) ක්, ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 32(17) ක් හා අබ්දුල් සමාද් නොදැවී ලකුණු 37(10) ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...