T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මූලික වටයේ තරග ඕමානයේ දී ?

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඕමානයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අයි.සී.සී සහ ඉන්දීය ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සහ ඕමාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර ඩුබායි හී දී සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඕමානයේ අගනුවර වන මස්කට් හී දී මූලික වටයේ තරග පැවැත්වීම පිළිබදව මේ වන විට අවධානය යොමුව ඇති බව සදහන්.

අනතුරුව සුපිරි 12 වටයේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි සැලසුම් කරමින් පවතින්නේ.

ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත  20යි 20 ලෝක කුසලානයට රටවල් 16ක් එක් වන අතර, ඊට ඕමානය ද ඇතුළත්.

ඕමානය ඇතුළුව සුදුසුකම් ලැබීමේ රටවල් අටක් පළමු වටයේ දී තරග වැදීමට නියමිත අතර, ඉන් කණ්ඩායම් 4ක් පමණක් සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබනවා.

පළමු වටයේ දී තරග වදින රටවල් අතරට ශ්‍රී ලංකාව, අයර්ලන්තය, පැපුවා නිව් ගිනියාව, බංග්ලාදේශය, නැමීබියාව, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් ඇතුළත්.

ඔක්තෝබර් 18-23 අතර කාලයේ දී පළමු වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්තානය මේ වන විටත් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා අවසන්.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇතත්, එරට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්.

ඒ අනුව සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් මාසයක කාලයක් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව නිල නොවන ලෙස අයි.සී.සීයට සදහන් කර ඇත්තේ අදාළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවයි.

ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමෙන් අනතුරුව නිවේදනය කළේ තරගාවලිය කුමන රටක පැවැත්වීමට කටයුතු කළ ද එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන බවයි.

එක්සත් අරාබියට අමතරව 20යි 20 ලෝක කුසලානයේ තරග සම සත්කාරක රටක් ලෙස ඕමානයේ දී ද පැවැත්වීමට කටයුතු කළහොත්, අබුඩාබි, ඩුබායි, සාජා සහ මස්කට් යන ක්‍රීඩාංගන 4 තුළ ලෝක කුසලානයේ තරග පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...