ශකිබ්ගේ කණ්ඩායම බුබුල කැඩූ බවට චෝදනා; පරීක්ෂණත් ඇරඹේ

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල බිද වැටීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශකිබ් අල් හසාන් නායකත්වය දරන Mohammedan ක්‍රීඩා සමාජයට අදාළව මෙම චෝදනාව එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සිකුරාදා එම කණ්ඩායම ඩකා හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් කටයුතුවල නිරත වී තිබුණා.

එහිදී ශකිබ් අල් හසාන් පිතිකරණ පුහුණුවීම්වල නිරතවන අවසථාවේ දී පිටස්තර පුද්ගලයෙකු ක්‍රීඩාංගනය තුළට පැමිණ ඇති බව සදහන්.

එම පුද්ගලයාගේ අනන්‍යතාවය ද මෙතෙක් අනාවරණය වී නැහැ.

ජෛව ආරක්ෂිත බුබුල බිද දැමීමක් සිදු කළහොත් ඊට එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බවටයි තරගාවලිය ආරම්භ වීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...