බර්න්ස්ගෙන් සටන්කාමී ශතකයක්; නවසීලන්තය ලකුණු 165ක් ඉදිරියෙන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(5) නිමා වුණේ තරගයේ වැඩි පාලනය නවසීලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 165ක්.

ටොම් ලේතම් නොදැවී ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ඩෙවෝන් කොන්වේ ලකුණු 23කට දැවී ගියා.

නායක කේන් විලියම්සන් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔලී රොබින්සන් ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමට සියලු පිතිකරුවන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 275ක් පමණයි.

දිනයේ පළමු පන්දුවෙන්ම නායක ජෝ රූට් ලකුණු 42කට දවා ගැනීමට කයිල් ජමිසන් සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි නම් දැරූ කිසිදු පිතිකරුවෙකුගෙන් එංගලන්ත ඉනිමට සැලකිය යුතු දායකත්වයක් හිමි වූයේ නැහැ.

එවැනි පසුබිමක හුදෙකලා සටනක් දියත් කළ ආරම්භක පිතිකරු රොරී බර්න්ස් සිය 3 වන ටෙස්ට් ශතකය අද වාර්තා කළ අතර, ඔහු ලකුණු 132ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 16ක් සමගින්.

ඔලී පෝප් ලකුණු 22කට දැවී ගිය අතර, වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටිම් සවුති සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක කඩුලු පහක් දවා ගත් 12 වන අවස්ථාව අද සටහන් කළේ ලකුණු 43කට කඩුලු 6ක් දවා ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...