SA v PAK : දකුණු අප්‍රිකා ප්‍රබල වේග පන්දු යවන්නෙකුට T20I හා එක්දින තරගාවලි අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියාට පාකිස්තානය සමග මේ දිනවල පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය හා ඉදිරියේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පළමු විස්සයි 20 තරගයට පෙර පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් පාදයේ මහපට ඇඟිල්ලෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

මෙම ආබාධය නිසා ඔහුට පළමු විස්සයි 20 තරගය ද අහිමි වුණා. අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ වම් පාදයේ මහපට ඇඟිල්ලෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

නොකියා වෙනුවට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Dayyaan Galiem විස්සයි 20 සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඔහු විස්සයි 20 තරග 60කදී දවා ගෙන ඇති කඩුලු ගණන 46 ක්.

පසුගිය ජූනි මාසයේ පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව අන්රික් නොකියා මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඔහු දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමග ජාතික ගිවිසුමක් අත්සන් කිරීමෙන් ද වැළකී සිටීමට මීට පෙර පියවර ගත්තා.

මේ වන විට වේග පන්දු යවන්නන් වන ජෙරාල්ඩ් කොට්සියා, නන්ඩ්‍රි බර්ගර්, ලුන්ගි එන්ගිඩී හා වියාන් මෝල්ඩර් ද ආබධවලට ලක්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...