නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක හා ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහුට එරෙහිව පනවා තිබූ වසර තුනක ක්‍රිකට් තහනම මාස 3 ක් දක්වා අවම කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) තීරණය කිරීම හේතුවෙන්.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු කළ පරීක්ෂණයකදී දික්වැල්ල විසින් තහනම් උත්තේජක (කොකේන්) ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට එරෙහිව පසුගිය අගෝස්තු 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර තුනක තහනමක් පනවනු ලැබුවා.

නමුත්, අනතුරුව දික්වැල්ල විසින් ගොණු කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසුව ඔහුට එරෙහිව පැනවූ තහනම මාස තුනකට අවම කිරීමටයි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තීරණය කර ඇත්තේ.

ඔහු විසින් දක්ෂතා වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිව තරග පැවැත්වෙන කාලයට අදාළව තහනම් උත්තේජක ලබා ගැනීම සිදු කර නොමැති බව අනාවරණය වී තිබීම නිසා එම තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට ඔහුගේ මාස තුනක තහනම් කාලය ගෙවී අවසන්ව ඇති බැවින් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ඕනෑම තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව පවතින බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...