නවීන්ගේ පන්දු 13 ක පන්දුවාරයෙන් පසු සිම්බාබ්වේ පිලට අවසන් පන්දුවේදී තියුණු ජයක්

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් අවසන් පන්දුවේදී කඩුලු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

හරාරේහීදී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 145 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල තරගයේ අවසන් පන්දුවේදී කඩුලු හයක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තරග 3 කින් යුත් තරගාවලිය ද තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගනිමින්.

බ්‍රයන් බෙනෙට් ලකුණු 49 ක් හා ඩියෝන් මේයර්ස් ලකුණු 32 ක් රැස් කරමින් සිම්බාබ්වේ හඹා යාම ශක්තිමත් කළා.

අස්මතුල්ලාහ් ඔමර්සායි යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 11 ක් සිම්බාබ්වේ පිලට අවශ්‍ය වූ අතර, එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගනිමින් තරගයේ ජය ඇෆ්ඝනිස්තානයට හිමි කර දීමට ඔමර්සායි අසමත් වුණා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඔහු යොමු කළ සිම්බාබ්වේ ඉනිමේ 15 වැනි පන්දුවාරයට පන්දු 13 ක් යොමු කිරීම කැපී පෙනුණා. එම පන්දුවාරයේදී ඔහු විසින් වයිඩ් පන්දු හයක් හා එක් නිපන්දුවක් යොමු කර තිබුණා. ඒ අනුව අදාළ පන්දුවාරයේදී නවීන් විසින් ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 19 ක්. කෙසේ වෙතත්, ඔහු එම පන්දුවාරයේදී සිකන්ඩ රාසාගේ කඩුල්ල ද දවා ගත්තා.

එම පන්දුවාරය ආරම්භ වීමට පෙර සිම්බාබ්වේ පිලට ජයග්‍රහනය සදහා පන්දු 36 කින් ලකුණු 57 ක් අවශ්‍ය වූ නමුත්, පන්දුවාරය අවසන් වන විට ඔවුන්ට ජයග්‍රහනය වෙනුවෙන් පන්දු 30 කින් අවශ්‍ය වූයේ ලකුණු 38 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය (144/6) වෙනුවෙන් කරීම් ජනට් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 49 කින් හතරේ පහර 5 ක් ද සමගින්.

මොහමඩ් නබී ලකුණු 44(27) යි. පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...