රබාඩා කැදවමින් දකුණු අප්‍රිකා එක්දින සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහ වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පළමු වරට වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා එක්දින සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට Kwena Maphaka ද නම් කර ඇති අතර, ඔහු එක්දින ජාතික සංචිතයට නම් කළ පළමු අවස්ථාව මෙයයි.

2023 වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇති හෙන්රික් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, කේෂාව් මහරාජ් හා ටබ්රයිස් ශම්සි ද ටෙම්බා බවුමා නායකත්වය දරන එක්දින සංචිතය සදහා කැදවා තිබෙනවා.

දකුණු අප්‍රිකා – පාකිස්තාන එක්දින තරගාවලිය දෙසැම්බර් 17, 19, හා 22 යන දිනවලදී Paarl, Cape Town, හා Johannesburg හීදී පැවැත්වීමට නියමිතයි.

South Africa ODI squad:

Temba Bavuma (c), Ottneil Baartman, Tony de Zorzi, Marco Jansen, Heinrich Klaasen (wk), Keshav Maharaj, Kwena Maphaka, Aiden Markram, David Miller, Andile Phehlukwayo, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton, Tabraiz Shamsi, Rassie van der Dussen

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...