Road Safety World Series තරගාවලියට වෙනස්කම් කිහිපයක්

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ තෙවැනි අදියර සදහා පාකිස්තාන කණ්ඩායමක් ද පළමු වරට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2020 වසරේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ තෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පළමු අදියර දෙකම ඉන්දියාවේ දී පැවැති නමුත්, තෙවැනි අදියර එංගලන්තයේ දී පැවැත්වීමට සූදානමින් සිටින බව සදහන්.

තෙවැනි අදියරේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැතත්, තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් වෙනුවට 9ක් තරග වැදීමට මෙවර නියමිත බවයි වාර්තා වන්නේ.

පළමු අදියර දෙකේ දී ම ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් ද, අනුශූරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් ද දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...