ලෝක කුසලාන කාලසටහන වෙනස් කරන්නැයි කොල්කටා පොලීසියෙනුත් දැනුම් දීමක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය හා පාකිස්තානය අතර කොල්කටා හී දී පැවැත්වීමට නියමිත තරගයේ දින සංශෝධනයක් සිදු කරන ලෙස බෙංගාල ක්‍රිකට් සංගමය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම තරගය නොවැම්බර් 12 වැනිදා කොල්කටා හීදී පැවැත්වීමට නියමිතව ඇති අතර, බෙංගාල ක්‍රිකට් සංගමය යෝජනා කර ඇත්තේ එය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීම සුදුසු බවයි.

12 වැනිදා අදාළ තරගයට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් පවතින බවට කොල්කටා පොලීසිය විසින් බෙංගාල ක්‍රිකට් සංගමයට දැනුම් දී තිබීම මීට හේතු වී තිබෙනවා.

ප්‍රධාන හින්දු උත්සවයක් එදිනට යෙදී තිබීම හේතුවෙනුයි පොලීසිය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

මීට පෙර ද හින්දු උත්සවයක් වන නව රාත්‍රී උත්සවය ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වීම හේතුවෙන් එදින අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද ඔක්තෝම්බර් 14 වෙනිදා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ, එම තරගය සඳහා ද ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට පොලීසිය විසින් කළ දැනුම් දීමක් අනුවයි.

කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් පස් වැනි දා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...