RCB පරදා 2024 IPL තරගාවලියට සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

මුස්ටර්ෆිසුර් රහ්මාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට රුටුරාජ් ගයික්වඩ්ගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිකුරාදා(22) සමත් වුණා.

චෙන්නායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 173 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු ඉනිම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 4.3 ක් තුළ ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ෆෆ් ඩු ප්ලෙසිස් හා විරාත් කෝලි සමත් වූ නමුත්, පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 3 ක් දැවී ලකුණු 42 ක් ලෙසයි.

නායක ඩු ප්ලෙසිස් ලකුණු 35 ක් රැස් කළ අතර, රාජත් පටිදර් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු නොලබා දැවී ගියා. විරාත් කෝලි ලකුණු 21 යි. කැමරන් ග්‍රීන් ලකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියා.

5 වැනි කඩුල්ල ලකුණු 78 දී (පන්දුවාර 11.4ක් තුළ) දැවී ගිය පසුබිමක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 95(50)ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට දිනේෂ් කාර්තික් හා අනුජ් රාවත් සමත් වුණා.

රාවල් පන්දු 25 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්. කාර්තික් පන්දු 26 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 36 ක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 37 ක් හා ශිවම් ඩූබේ නොදැවී ලකුණු 34 ක් රැස් කළා. අජින්කෙයා රහානේ ලකුණු 27 යි. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් ලකුණු 27 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...