ශ්‍රී ලංකාවට එරෙහි තරගවලින් ඉවත් වූ ශකිබ් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලකුණු

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ නවසීලන්තයට එරෙහි තරගාවලි මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි ද ක්‍රීඩා නොකළ ශකිබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකරන බවයි.

නමුත්, මේ වන විට තමන් දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බව ඔහු එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි.

ඔහු මෑතක සිට අක්ෂි රෝගී තත්ත්වයකින් පසුවූ අතර, එය ඔහුගේ පිතිකරණයට ද බලපෑම් එල්ල කළා. ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි සමස්ත තරගාවලියන්ගෙන්ම විවේක ගැනීමට අවශ්‍යව ඇති බවයි මීට පෙර එරට ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් ද ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට ශකිබ් ක්‍රීඩා කළහොත් එය බංග්ලාදේශ කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීමට හේතු වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...