Watch : විරාත් කෝලි දවා ගන්න රහානේ හා රවීන්ද්‍ර රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(22) රාත්‍රී අටට චෙන්නායි හී දී ආරම්භ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බැංග‍ලූරු කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාත් කෝලි දවා ගැනීම සදහා විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට අජින්කෙයා රහානේ හා රචින් රවීන්ද්‍ර සමත් වීම කැපී පෙනුණා.

හතරේ සීමාව ආසන්නයේ දී රහානේ විසින් පළමුව උඩ පන්දුව රැක ගත් අතර, අනතුරුව ඔහු හතරේ සීමාව දෙසට ලිස්සා යාමේ දී පන්දුව රවීන්ද්‍ර වෙතට විසි කරනු ලැබුවා.

එහිදී රවීන්ද්‍ර විසින් පහසුවෙන්ම උඩ පන්දුව රැක ගනිමින් බැංගලූරු කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස කෝලි ලකුණු 21 කට දවා ගැනීමට මුස්ටර්ෆිසුර් රහ්මාන්ට අවස්ථාව ලබා දුන්නා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...