RCB දුන් 197 ක ඉලක්කය මුම්බායි පන්දුවාර 15.3 න් හඹා යයි

Date:

ජස්ප්‍රිට් බුම්රා දවා ගත් කඩුලු පහ හා මුම්බායි පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා බැංගලූරු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 197 ක ඉලක්කය මුම්බායි පිතිකරුවන් විසින් පන්දුවාර 15.3 ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී පසු කර යාම විශේෂත්වයක්.

ඉෂාන් කිෂන් පන්දු 34 කින් ලකුණු 69 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් සමගින්. රෝහිත් ෂර්මා ලකුණු 38(24) යි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 8.5 ක් තුළ වේගවත් ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

ආබාධයකින් පසුව යළි ක්‍රිකට් පිටියට පසුගියදා පිවිසි සූර්යකුමාර් යාදව් මෙම තරගයේ දී ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. (දර්ශන පහතින්)

නායක හර්ඩික් පාන්ඩ්යා හයේ පහර 3 ක් සමග පන්දු 6 කින් නොදැවී ලකුණු 21 ක් රැස් කළ අතර, තිලක් වර්මා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16 ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලූරු කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි RCB පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 196 ක් රැස් කිරීමට සමත් වුණේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 40 කින් ලකුණු 61 ක්, රාජත් පටිදර් පන්දු 26 කින් ලකුණු 50 ක් හා දිනේෂ් කාර්තික් පන්දු 23 කින් නොදැවී ලකුණු 53 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 21 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...