ප්‍රබලයින් රැසක් නොමැති නවසීලන්ත T20 සංචිතයෙන් තවත් දෙදෙනෙකු ඉවතට

Date:

ආරම්භක පිතිකරු ෆින් ඇලන්ට හා වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී ඇලන් පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්වීමත්, මිල්න් වළලුකර ආබාධයකට ලක්වීමත් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙලෙස පාකිස්තාන සංචාරය අහිමි වී ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් දෙදෙනාට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි කාලය පිළිබද ඉදිරි සති වලදී තහවුරු කරනු ඇති.

ෆින් ඇලන් හා ඇඩම් මිල්න් වෙනුවට විස්සයි 20 සංචිතයට ආදේශ කර ඇත්තේ ටොම් බ්ලන්ඩල් හා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 21 හැවිරිදි Zak Foulkes. බ්ලන්ඩල් ද අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දී යි.

තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල්ගේ නායකත්වයෙන් යුත් විස්සයි 20 සංචිතයට මීට පෙර ද අයි.පී.එල් ඇතුළු විවිධ හේතූන් මත ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නම් කර තිබුණේ නැහැ.

ට්‍රෙන්ට් බෝල්ට්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ග්ලේන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිචෙල් සැන්ට්නර් හා කේන් විලියම්සන් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිසා පාකිස්තාන සංචාරයට එක් වන්නේ නැහැ.

විල් යන්ග් Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටින බැවින් පාකිස්තාන සංචාරයට එක් නොවන අතර, ටොම් ලේතම් මෙම සංචාරයට එක් නොවන්නේ ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

ටිම් සවුති පාකිස්තාන තරග සංචාරයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තාන – නවසීලන්ත තරග පහකින් යුත් විස්සයි 20 තරගාවලිය අප්‍රේල් 18 වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...