RCB ආරම්භක පිතිකරුට කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට කොරෝනා වෛරසය (කොඩිව් 19) ආසාදනය වී තිබෙනවා.

පසුගිය 22 වනදා ඒ බව තහවුරු වී ඇති අතර, එදින සිට ඔහු බැංගලෝර්හි පිහිටි සිය නිවසේ සිට නිරෝධායනයට ලක් කර ඇති බවයි RCB කණ්ඩායම නිවේදනය කළේ.

PCR පරීක්ෂණවලින් සමත් වුවහොත් 20 හැවිරිදි ඔහුට ඉදිරියේ දී බැංගලෝර් කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට සම්බන්ධ විය හැකි බව ද එම කණ්ඩායම සදහන් කළා.

RCB කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර අද දිනයේ දී පුහුණු තරගයක් ද පවත්වා ඇති අතර, ඒ සදහා ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණක් එක් වූ බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ වන විට නිරෝධායනට ලක් වෙමින් සිටීම ඊට හේතුවයි.

මෙවර තරග වාරයේ පළමු තරගය ද පැවැත්වෙන්නේ බැංගලෝර් කණ්ඩායම සහ පසුගියවර ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

පසුගිය තරග වාරයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ පඩික්කල් තරග 12කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 417ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...