IPL අර්බුදය දිග්ගැස්සෙයි – මුම්බායි නුවරටත් ඇදිරි නීතිය

Date:

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හමුවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් යළි ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇතත්, ඒ ඔස්සේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට බලපෑමක් එල්ල නොවන බව මුම්බායි ක්‍රිකට් සංගමය පවසනවා.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සෙසු සියලු කටයුතු වහාම අත්හිටුවීමට සිදු වන බවයි එම සංගමය ඉන්දීය මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ට සිය පුහුණුවීම් කටයුතු ගැටලුවකින් තොරව සිදු කළ හැකි බව ද සදහන්.

“ජෛව ආරක්ෂිත බුබුලක කොටසක් වන ඕනෑම ක්‍රිකට් ක්‍රියාකාරකමක් සදහා අඛණ්ඩව අවසර තියෙනවා” යනුවෙන් මුම්බායි ක්‍රිකට් සංගමයේ ප්‍රකාශයෙකු කියා සිටියා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ඊයේ නිවේදනය කළේ සති අන්ත දින සදහා සම්පූර්ණයෙන් ඇදිරි නීතිය පනවන බවයි.

සතියේ දිනවල ද රාත්‍රී 8 සිට පසුදින පෙරවරු 7 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

එළඹෙන 9 වනදා ආරම්භ වන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 10ක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් මුම්බායි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ සේවකයින් 8 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මීට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...