ෆකාර්ගේ ලෝක වාර්තාව අපතේ යවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 17ක ජයක්

Date:

පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ ලකුණු 193ක සුපිරි ඉනිම අපතේ යවමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(4) සමත් වුණා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 341ක් ලබා ගත්තේ ක්වෙන්ටන් ඩී කොක්, ටෙම්බා බවුමා, රසී වැන් ඩර් ඩුසේන් සහ ඩේවිඩ් මිලර් වාර්තා කළ අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

ඩී කොක් ලකුණු 80කටත්, බවුමා ලකුණු 92කටත් දැවී ගිය අතර, රසී වැන් ඩර් ඩුසේන් පන්දු 37 කින් ලකුණු 60ක් ලබා ගත්තා.

තම වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඩේවිඩ් මිලර් පන්දු 27කින් නොදැවී ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 54කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 නිමා කිරීමට සිදු වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 324ක් ලබා ගනිමින්.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ ෆකාර් සමාන් පන්දු 155කින් ලකුණු 193ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 18ක් ඇතුළත්.

ඔහු රැස් කළ ලකුණු 193 වාර්තා අතරට එක් වුණේ එක්දින තරගයක ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 63කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ද දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...