පොන්ටින්ගේ ඔස්ට්‍රේලියාව තැබූ ලෝක වාර්තාව කාන්තා කණ්ඩායම බිද දමයි

Date:

මැග් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(4) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, අඛණ්ඩව එක්දින ජාත්‍යන්තර තරග 22ක් ජය ගනිමින්.

මීට පෙර එවැනි දක්ෂතාවයක් දැක් වීමට කිසිදු පිරිමි හෝ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සමත් වී තිබුණේ නැහැ.

2003 වසරේ දී රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 21ක් ජය ගනිමින් මීට පෙර අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමිනුයි ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද මෙම ලෝක වාර්තාව තමන් ඉදිරියේ සටහන් කර ගනු ලැබුවේ.

නවසීලන්තයේ මවුන්ට් මංගනුයිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 48.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.

Lauren Down ලකුණු 90ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Megan Schutt කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 38.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඇලීසා හීලි (65), එලිස් පෙරී (56*) සහ Ashleigh Gardner (53*) ලබා ගත් අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...