PSL තරගාවලියට තවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් – ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 24ක් ඉදිරිපත් වෙයි

Date:

අතරමගදී කල් දැමුණු මෙවර පාකිස්තාන සුපර් ලීග්(PSL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයින් ආදේශ කිරීම වෙනුවෙන් වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (replacement draft) සිදු කිරීමට තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියට එක්වන කණ්ඩායම් සදහා සිය සංචිතවලට පුරප්පාඩු වී ඇති විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව මෙහිදී හිමි වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා ආරම්භ කෙරෙන අතර, පැවැත්වීමට නියමිත ඉතිරි තරග 20 කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ජූනි 20 වනදා පැවැත්වෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය මාර්තු 4 වනදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරමගදී කල් දැමීමට කටයුතු කෙරුණේ තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ වන විට පවත්වා තිබුණේ තරග 14ක් පමණයි.

එම තරග සදහා ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් විවිධ හේතූන් මත ඉදිරි තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

එංගලන්ත ක්‍රීඩකයින් දේශීය තරග සදහා සහභාගී වන බැවින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන අතර, ඇතැම් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බැවින් පී.එස්.එල් තරගාවලියට එක් නොවන බව සදහන්.

ඒ අනුව පුරප්පාඩු වී ඇති ස්ථාන වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (mini draft) සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් 134 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව සදහන්.

ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු, ඔස්ට්‍රේලියාවෙන් 10 දෙනෙකු, නවසීලන්තයෙන් 12 දෙනෙකු, දකුණු අප්‍රිකාවෙන් 18 දෙනෙකු, බංග්ලාදේශයෙන් 7 දෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් 25 දෙනෙකු, සිම්බාබ්වේ දේශයෙන් 6 දෙනෙකු, ඇෆ්ඝනිස්තානයෙන් 16 දෙනෙකු, අයර්ලන්තයෙන් 5 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 5 දෙනෙකු, ස්කොට්ලන්තයෙන් 4 දෙනෙකු, නේපාලයෙන් සහ ඕමානයෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ද ඇතුළත්.

මාර්ටින් ගප්ටිල්, ඇන්ඩ්‍රි රසල් සහ ශකිබ් අල් හසාන් platinum කාණ්ඩයෙන් ද , උස්මාන් කවාජා, ඇඩම් මිල්න්, මෝර්නි මෝර්කල්, ටමිම් ඉක්බාල්, ජේම්ස් ෆෝල්ක්නර් සහ ජෝ බර්න්ස් diamond කාණ්ඩයෙන් ද ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින බව සදහන්.

වාර්තා වන ආකාරයට Gold කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවෙන් නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් ද, Silver කාණ්ඩය යටතේ නුවන් ප්‍රදීප් සහ සීක්කුගේ ප්‍රසන්න ද ඉදිරිපත්ව සිටිනවා.

තරගාවලිය සදහා සම්බන්ධ වන සියලු ක්‍රීඩකයින් සහ සෙසු පුද්ගලයින් ලබන මැයි 22 වනදා සිට සතියක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.

අනතුරුව ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා දින 3ක කාලයක් ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...