Pakistan Junior League : පාකිස්තාන යොවුන් T20 ලීගයට දින නියම වෙයි

Date:

විදෙස් යොවුන් ක්‍රීඩකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත පාකිස්තාන කනිෂ්ඨ ලීග් 20යි 20 (Pakistan Junior League) ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් පළමු වනදා ආරම්භ වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලිය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 19ක්.

පළමු වරට සංවිධාන කරන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වීමට නියමිතයි.

එම කණ්ඩායම්වල හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් තිදෙනකු ද මේ වන විට ඉදිරිපත්ව ඇති බව සඳහන්.

තරගාවලිය සදහා වයස අවුරුදු 15 – 19 අතර වයස්වල පසුවන ක්‍රීඩකයින් තෝරා ගැනිමටයි අවධානය යොමු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...