Watch : සුරංග ලක්මාල්ගෙන් කඩුලු 5ක් ; ශතකලාභී ලබුෂේන්ගේ කඩුල්ලත් ඒ අතර

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිය හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් කඩුලු 5ක් බිද හෙලීමට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අද(30) සමත් වුණා.

ඒ, ඩර්බි හී දී ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ තෙවැනි දිනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඩර්බිෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 368ක් ලබා ගත්තා. Brooke Guest ලකුණු 109යි.

පිළිතුරු ලෙස ග්ලැමෝගන් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 387ක්. මර්නස් ලබුෂේන් ලකුණු 130ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Kiran Carlson, Tom Cullen, Michael Neser, Marnus Labuschagne හා Michael Hogan.

තරගය තෙවැනි දිනය සදහා නතර කරන විට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 170ක්.

ඒ අනුව ඩර්බිෂයර් කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 151ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...