ඩේවිඩ් මිලර්ගේ සහ රාහුල් තෙවාටියාගේ සටන්කාමී සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 තරගයෙන් ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිය ආධිපත්‍යය තවදුරටත් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(30) සමත් වුණා
මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.
මෙවර තරගාවලියේ දී කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව කණ්ඩායමක් පිතිකරණයේ නිරත වීමට තීරණය කළ දෙවැනි අවස්ථාව එය වීම විශේෂත්වයක්.
මෙවර තරගාවලියේ දී තමා රැස් කළ පළමු අර්ධ ශතකය වාර්තා කළ විරාට් කෝලි ලකුණු 58ක් රැස් කළා.
සිය පළමු අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කිරීමට රාජත් පටිදාර් සමත් වූ අතර, ඔහු පන්දු 32කින් ලකුණු 52ක් ලබා ගත්තා. හයේ පහර දෙකකින් හා හතරේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 33(18)යි.
පන්දු යැවීමේ දී Pradeep Sangwan ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ෂුබ්මන් ගිල් ලකුණු 31කට දැවී ගිය අතර, ව්රිධිමන් සහා ලකුණු 29ක් ලබා ගත්තා. Sai Sudharsan ලකුණු 20යි. නායක හර්ඩික් පාන්ඩ්යා ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි.
ගුජරාට් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඩේවිඩ් මිලර් හා රාහුල් තෙවාටියා පස්වැනි කඩුල්ල සදහා පන්දු 40කින් නොබිදුණු ලකුණු 79ක සබදතාවයක් ගොඩ නැගුවා.
මිලර් පන්දු 24කින් නොදැවී ලකුණු 39ක් රැස් කළා. රාහුල් තෙවාටියා පන්දු 25කින් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.
පන්දු යැවීමේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර, ශහ්බාස් අහ්මඩ් පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා.
මේ වන විට තරග 9ක් ක්‍රීඩා කර ඇති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන් තරග 8ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවනවා.
තරග 10කින් තරග 5ක් ජය ගත් බැංගලෝර් කණ්ඩායම රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ යි.
— cric fun (@cric12222) April 30, 2022
— cric fun (@cric12222) April 30, 2022

