ජඩේජා බෑ කියයි ; චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වය යළි වෙනස් වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා තීරණය කර තිබෙනවා.

සිය ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බවයි චෙන්නායි කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනිට යළි කණ්ඩායමේ නායකත්වය භාර ගන්නා ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති අතර, ඔහු එම ඉල්ලීම පිළිගෙන ඇති බව චෙන්නායි කණ්ඩායම සදහන් කළා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය 2008 වසරේ සිට දරනු ලැබූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේ මෙවර තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙරයි.

අනතුරුව කණ්ඩායමේ නායකයා ලෙස රවීන්ද්‍ර ජඩේජා පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ජඩේජාගේ නායකත්වය යටතේ චෙන්නායි කණ්ඩායම මෙවර තරග වාරයේ දී මේ දක්වා ක්‍රීඩා කළ තරග 8න් ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...