සුපිරි සටනකින් පසු ආර්ජන්ටිනාව 16 වැනි වරටත් කෝපා ඇමෙරිකා ශූරතාවය දිනයි

Date:

2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) පෙරවරුවේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයෙන් කොලොම්බියා කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කරමින්.

තරගයේ පළමු අර්ධය හා නියමිත කාලය අවසන් වුණේ කණ්ඩායම් දෙකෙන්ම කිසිදු ගෝලයක් වාර්තා වීමකින් තොරවයි.

කෙසේ වෙතත්, අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ Lautaro Martínez විසින් 112 වැනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනාවට ජයග්‍රාහී ගෝලය රැස් කර දුන්නා.

මෙය ආර්ජන්ටිනාව ජය ගත් 16 වැනි කෝපා ඇමෙරිකා ශූරතාවය වීම ද විශේෂත්වයක්.

ආර්ජන්ටිනාව අඛණ්ඩව කෝපා ඇමෙරිකා ශූරතාවය දිනූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, 2022 පාපන්දු ලෝක ශූරතාවය ද ජය ගත්තේ ආර්ජන්ටිනාවයි. ඒ අනුව ඔවුන් අඛණ්ඩව ප්‍රධාන පාපන්දු තරගාවලි ත්‍රිත්වයක් ජය ගැනීමට මේ වන විට සමත්ව සිටිනවා.

අවසන් තරගය අතරතුර දී සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක ලියනල් මෙසීට ආබාධයකට ලක් වීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු වීම ද කැපී පෙනුණා.

එම අවස්ථාවේ දී ඔහු දැඩි ලෙස හැගීම්බර වී කදුළු සලමින් සිටින අයුරු ද දැක ගත හැකි වුණා. (දර්ශන පහතින්)

මේ අතර, මෙම තරගය සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක Angel Di María ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...