Watch : කෝපා ඇමෙරිකා අවසන් තරගය පැයකටත් වඩා ප්‍රමාද කළ ප්‍රේක්ෂකයින්ගේ කඩා වැදීම

Date:

2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය යටතේ ආර්ජන්ටිනාව හා කොලොම්බියාව අතර පැවැති අවසන් මහා තරගය ආරම්භ වීම අද මිනිත්තු 75 ක පමණ කාලයකින් ප්‍රමාද වුණා.

ඒ, ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් ප්‍රධාන පිවිසුම් ගේට්ටුවක ආරක්ෂාව බිඳ දමමින් ක්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන්.

තරගය ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි Hard Rock ක්‍රීඩාංගනයේ දී එරට වේලාවෙන් ඉරිදා රාත්‍රී 8:00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද (සදුදා) අලුයම 5:30 ට) ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, තරගය ආරම්භ කිරීමට හැකි වූයේ රාත්‍රී 9:22 ටයි.

ආරක්ෂාව බිද දමමින් ක්‍රීඩාංගනයට ඇතුළු වූ ඇතැම් ප්‍රේක්ෂකයින් අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක නිළධාරීන් සමත් වී තිබුණා.

මෙම සිද්ධිය හේතුවෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ව ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු අතරතුර පිටියෙන් ඉවත් කර ගැනීමට ද බලධාරීන් පියවර ගත්තා.

ප්‍රවේශ පත්‍ර මිලදී නොගත් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනයට පිවිසීමට ගත් උත්සාහයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවත්, පසුව ක්‍රීඩාංගනයේ දොරටු තාවකාලිකව වසා දමා තත්ත්වය සමථයකට පත් කිරීමට සිදු වූ බවත් Hard Rock ක්‍රීඩාංගනයේ බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...