Euro 2024 : එංගලන්තය පරදා සිව්වැනි වරටත් යුරෝපා ශූරතාවය ස්පාඤ්ඤයට

Date:

ජර්මනියේ පැවැති 2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ඒ, බර්ලින් නුවර පැවැති අවසන් මහා තරගයේ දී එංගලන්තය පරදා ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කරමින්.

මෙය ස්පාඤ්ඤය යුරෝ කුසලානයක් ජය ගත් සිව්වැනි අවස්ථාව (1964, 2008, 2012, 2024) වීම විශේෂත්වයක්. සිව්වතාවක් මෙම ශූරතාවය දිනූ පළමු රට ලෙසයි ඔවුන් ඉතිහාසයට එක් වුණේ.

පසුගිය තරගාවලියේ දී ද අවසන් මහා තරගයට පිවිස ඉතාලිය හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ එංගලන්තයට මේ දක්වා කිසිදු යුරෝපා කුසලනයක් ජය ගැනීමට හැකියාව ලැබී නැහැ.

අද පැවැති අවසන් තරගයේ පළමු අර්ධය නිමා වුණේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කිරීමකින් තොරවයි.

කෙසේ වෙතත්, දෙවැනි අර්ධය ආරම්භ වනවාත් සමගම 47 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Nico Williams ස්පාඤ්ඤයට පළමු ගෝලය වාර්තා කර දුන්නා.

අනතුරුව සිය උත්සාහය අත් නොහැරූ එංගලන්තය ද 73 වන මිනිත්තුවේ දී ගෝලයක් රැස් කළා. එම ගෝලය වාර්තා කළේ Cole Palmer විසිනුයි.

පසුව යළි ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤය 86 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ යළි පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණා. Mikel Oyarzabal විසින් එම ජයග්‍රාහී ගෝලය රැස් කරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...