ගුර්බාස්, වසීම් හා ශඩාබ් කොළඹට සුපිරි ජයක් හිමි කර දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 9.5 ක් පමණක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම කැපී පෙනුණා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 33 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 16 කට දැවී ගිය අතර, මුහම්මද් වසීම් නොදැවී ලකුණු 35(18) යි. වසීම්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්. ඔහු එල්ල කළ එක් හයේ පහරක දිග සටහන් වූයේ මීටර් 116 ක් ලෙසයි. (දර්ශන පහතින්)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ විජයකාන්ත් වියස්කාන්ත්. ඔහු පන්දු 34 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 17 කටත්, ඒෂාන් මාලිංග ලකුණු 15 කටත්, චරිත් අසලංක ලකුණු 13 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ ශඩාබ් ඛාන් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 10 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගත්තා. බිනුර ප්‍රනාන්දු කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 24 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...