Toss Report : කාසියේ වාසිය නවසීලන්තයට ; ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 5 ක් – චමිදුට එක්දින වරම්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 5 ක් සිදු කර තිබෙනවා. ඒ අනුව චමිදු වික්‍රමසිංහ අද තරගයේ දී එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔහුට අමතරව නිශාන් මදුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක හා මොහමඩ් ශිරාස් ද කණ්ඩායමට කැදවා තිබෙනවා. කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්.

නවසීලන්තය ද අද තරගය සදහා වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව Zakary Foulkes මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගන්නා අතර, ඇඩම් මිල්න් ද කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ, නේදන් ස්මිත් හා ජේකබ් ඩෆී වෙනුවටයි.

Sri Lanka XI :

Nishan Madushka, Avishka Fernando, Nuwanidu Fernando, Sadeera Samarawickrama(w), Charith Asalanka(c), Janith Liyanage, Chamindu Wickramasinghe, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka, Mohamed Shiraz

New Zealand XI:

Will Young, Tim Robinson, Henry Nicholls, Mark Chapman, Glenn Phillips, Mitch Hay(w), Michael Bracewell, Mitchell Santner(c), Ish Sodhi, Zakary Foulkes, Adam Milne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...