නායක බවුමා කැදවමින් ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් තීරණාත්මක ටෙස්ට් ක්‍රිකට් තරගවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

වැලමිටක ආබාධයකට ලක්ව සිටි නායක ටෙම්බා බවුමා ඉන් සුවය ලබා ඇති බැවින් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ඔහු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාව සමග පැවැති විස්සයි 20 තරගාවලියෙන් විවේක ගැන් වූ කාගිසෝ රබාඩා සංචිතයට කැදවා ඇති අතර, මාර්කෝ ජන්සෙන් හා ජෙරාල්ඩ් කොට්සියා ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා. ජන්සෙන් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි. කොට්සියා අවසන් වරට පසුගිය දෙසැම්බර් මාසයේ දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.

ලුන්ගි එන්ගිඩීට හා නන්ඩ්‍රි බර්ගර්ට මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධවලට ලක් වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය එළඹෙන 27 වැනිදා Durban හීදී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha හීදී ද ආරම්භ වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට හා දකුණු අප්‍රිකාවට තවදුරටත් අවස්ථාව පවතින අතර, ඒ සදහා මෙම තරගාවලියේදී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා.

South Africa Test squad:

Temba Bavuma (c), David Bedingham, Gerald Coetzee, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Senuran Muthusamy, Dane Paterson, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton, Kyle Verreynne.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...