PSL 15 වැනි තරගයෙන් කලැන්ඩර්ස් කණ්ඩායමට අවසන් පන්දුවෙන් තියුණු ජයක්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබිහි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

ෆහීම් අශ්රෆ් ලකුණු 27ක් සහ උස්මාන් කවාජා ලකුණු 18ක් රැස් කළ අතර, හුසේන් තලට් සහ හසන් අලී ලකුණු 14 බැගින් වාර්තා කළා.

පන්දු යැවීමේ දී විශීෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව අහ්මඩ් ඩැනියල් සහ හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, රෂීඩ් ඛාන් ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

නායක සොහයිල් අක්තාර් ලකුණු 40ක්, මොහොමඩ් හෆීස් ලකුණු 29ක්, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 23ක් රැස් කළා.

කලැන්ඩර්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය රෂීඩ් ඛාන් පන්දු 5කින් නොදැවී ලකුණු 15ක් ලබා ගත්තා.

අවසන් පන්දුවරයේ දී තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 16ක් අවශ්‍යව තිබූ පසුබිමක එම පන්දුවාරයේ පළමු පන්දු 5 තුළ ඔහු මෙම ලකුණු 15 වාර්තා කිරීම විශේෂත්වයක්.

හුසේන් තලට් යොමු කළ එම පන්දුවාරයේ දී රෂීඩ් ඛාන් පළමු පන්දු 3ට හතරේ පහර 3ක් එල්ල කිරීම කැපී පෙනුණා.

තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ රෂීඩ් ඛාන්.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ දී අතරමග නවතා දැමීමට සිදු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මෙම තරගයත් සමග ඊයේ (09) ආරම්භ වූ අතර, මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ද ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...