සියල්ලන් මවිත කරමින් අංක 10 පිතිකරුවා එල්ල කළ අලංකාර ස්කූප් පහර

Date:

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරී තරග ඊයේ (09) දිනයේ සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී ආරම්භ වුණා.

ඒ අනුව තරගාවලියේ 15 වන තරගය ලෙස ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ අබුඩාබිහී දී යි.

මෙම තරගය අතරවාරයේ පිතිකරුවෙකු එල්ල කළ පහරක් ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද වඩාත් ප්‍රශංසාවට ලක්වුණා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් ඉනිමේ 19 වන පන්දුවාරයේ දී යි මෙය සිදු වුණේ.

එහිදී හැරිස් රවුෆ් යොමු කළ පන්දුවකට ඉතාමත් සිත්ගන්නාසුළු ආකාරයේ අලංකාර ස්කූප් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් වාර්තා කිරීමට මොහොමඩ් වසීම් සමත් වුණා.

මොහමඩ් වසීම් ඉනිමේ අංක 10 පිතිකරු ලෙස පිතිකරණයේ නියැලෙමින් මෙම පහර එල්ලත් කිරීමත් විශේෂත්වයක්.

පළපුරුදු පිතිකරුවෙකුට පවා එල්ල කිරීමට අපහසු පහරක් ඉතාම මනරම් අන්දමින් අංක 10 පිතිකරුවෙකුට එල්ල කිරීමට හැකිවීම බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමු වීමට හේතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...