නවසීලන්තයෙන් වෙනස්කම් 6ක්; කාසියේ වාසිය එංගලන්තයට

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය බර්මිංහැම්හී දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී නවසීලන්තය මෙහෙයවනු ලබන්නේ ටොම් ලේතම් විසින්.

ඒ, නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එමෙන්ම අද තරගය සදහා නවසීලන්තය වෙනස්කම් 6ක් සිදු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව විල් යන්ග්, ටොම් බ්ලන්ඩල්, ඩැරල් මිචෙල්, මැට් හෙන්රි, අජාස් පටෙල් සහ ට්‍රෙන්ට් බෝල්ට් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

බී.ජේ. වොට්ලින් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ටොම් බ්ලන්ඩල් කඩුලු රැකීමේ කාර්යය සිදු කරනවා.

එංගලන්තය මෙම තරගය සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ඔලී ස්ටෝන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

England:

Rory Burns, Dom Sibley, Zak Crawley, Joe Root (c), Ollie Pope, Dan Lawrence, James Bracey (wk), Mark Wood, Olly Stone, Stuart Broad, James Anderson
New Zealand:

Tom Latham (c), Devon Conway, Will Young, Ross Taylor, Henry Nicholls, Tom Blundell (wk), Daryl Mitchell,  Neil Wagner, Matt Henry, Ajaz Patel, Trent Boult

සජීවී ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...