2024 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාංගන ගැන අයි.සී.සීයෙන් නිවේදනයක්

Date:

2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ පැවැත්වෙන තරග සදහා යොදා ගැනෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් තොරතුරු ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(20) නිවේදනය කළා.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අයි.සී.සීය අද සදහන් කළේ ඇමෙරිකාවේ Dallas, Florida හා New York හී දී තරග පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

ඒ් අනුව Dallas හි Grand Prairie හී දී ද, Florida හි Broward County හී දී ද, New York හි Nassau County හී දී ද තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා‍.

තරගාවලියට පෙර පුහුණු තරග පැවැත්වීම සදහා හා කණ්ඩායම්වලට පුහුණුවීම් සදහා ලබා දීම වෙනුවෙන් තවත් ක්‍රීඩාංගන කිහිපයක් හදුනා ගෙන ඇති බව ද අයි.සී.සීය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...