දසුන් ශානක ගැන ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණය මෙන්න

Date:

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

අද(20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති රැස්වීමෙන් අනතුරුව මේ බව තීරණය කර ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වනතුරු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දසුන් ශානක විසින් දැරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු හා කණ්ඩායම දක්වන දක්ෂතා මත පදනම්ව දසුන් ශානක සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කරනු ඇති.

පසුගිය තරග රැසකදී දසුන් ශානක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම මත පදනම්වයි ඔහුගේ නායකත්වය ඉදිරියට පවත්වාගෙන යන්නේ ද සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පැන නැගී තිබුණේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.

මේ අතර, වනිදු හසරංග යළි ආබාධයකට ලක්ව ඇති අතර, ඔහු හා ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමිර සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් ද අද පැවැති රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...