නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නාට ලෝක කුසලානය අහිමි වේවිද?

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති දකුණු මාපටැඟිල්ලෙහි  ශල්‍යකර්මයක් සදහා හෙට(21) දිනයේ දී මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඒ, පසුගිය සතියේ දී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගයක් අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

කෙසේ වෙතත්, තවත් සති දෙකකින් පමණ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට නවසීලන්ත ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

ලබන සතිය මුල දී ඔහුට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි දැයි තීරණය කරනු ඇති.

ලෝඩ්ස් හී දී පැවැති එක්දින තරගයේ දී ස්ලිප්හි පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී යි ටිම් සවුතිගේ දකුණු මාපටැඟිල්ලෙහි ආබාධයක් සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...