එක්දින පන්දු යවන්නන් ‌ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි යළි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ කිබෙනවා.

ඒ, ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගනිමින් ඔහු දැක් වූ සුපිරි පන්දු යැවීමේ දක්ෂතාවය හේතුවෙන්.

ඔහුගේ එම දක්ෂතාවය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දැවී ගිය අතර, ඉන්දීය කණ්ඩායම කඩුලු 10 ක ජයක් සමගින් 8 වැනි වරටත් ආසියානු ශූරතාවය දිනා ගැනීමට ද සමත් වුණා.

සිරාජ් අවසන් වරට එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමි කර ගත්තේ පසුගිය මාර්තු මාසයේ දී යි. කෙසේ වෙතත්, පසුව ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් විසින් එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගත්තා.

ආසියානු කුසලාන තරගාවලියේ දී සිරාජ් කඩුලු 10 ක් දවා ගත් අතර, එම දක්ෂතා හේතුවෙන් ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

සිරාජ්ට ශ්‍රේණිගත ලකුණු 694 ක් හිමිව ඇති අතර, හේසල්වුඩ් දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 678  ක් සමගින්.  තෙවැනි ස්ථානය ට්‍රෙන්ට් බෝල්ට් හට ද, සිව්වැනි ස්ථානය මුජිබ් උර් රහ්මාන්ට ද, 5 වැනි ස්ථානය රෂීඩ් ඛාන්ට ද හිමියි.

මේ අතර, පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 20 කින් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකාවේ හෙන්රික් ක්ලාසන් සමත්ව තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග සෙන්චූරියන්හී දී පැවැති එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු 209.64ක ප්‍රහාරාත්මක වේගයක් සමග ලකුණු 174 ක් රැස් කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...