2023 හා 2025 ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය නිවේදනය කෙරේ

Date:

2021-23 වසරවලට හා 2023-25 වසරවලට අදාළ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරග එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඊයේ එංගලන්තයේ බර්මිංහැම් හී දී නිමා වූ අයි.සී.සී වාර්ෂික රැස්වීමෙන් අනතුරුවයි ජගත් ක්‍රිකට් කවුන්සලය මේ බව නිවේදනය කළේ.

ඒ අනුව 2023 හා 2025 යන වසරවලදී එම අවසන් මහා තරග ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය ද 2021 වසරේ දී ලොඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට පළමුව තීරණය කර තිබූ නමුත්, පසුව එය සවුත්හැම්ටන් ක්‍රීඩාංගනය වෙත මාරු කරනු ලැබුවා.

මේ අතර, රුසියාවේ අයි.සී.සී සාමාජිකත්වය අහෝසි කිරීමට ද මෙම අයි.සී.සී රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

2021 වසරේ දී ඔවුන්ගේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...